Posts

Showing posts from February, 2021
Image
වැවක ප්‍රධාන අංග අපේ රටේ පැරණිතම ජනාවාස පැතිරී තිබුණේ වියළි කලාපයේ ය. එහි විසු ජනයාගේ ප්‍රධානතම ගැටලුව වුයේ ගොවිතැන් කටයුතු වලට සහ තම එදිනෙදා පැවත්ම සදහා අවශ්‍ය ජලය රැස් කරගැනිමයි. ඒ සදහා ඔවුන් වැව් ඉදිකිරීම සිදු කල අතර වැව් ඉදිකිරීම සදහා අනුගමනය කරන ලද තාක්ෂණය හා ශිල්පීය ක්‍රම ඉතා උසස් මට්ටමක පැවත ඇත. භූ විෂමතාවය, භූ වයුහය,ජලවහනය,වර්ෂා ජලය,ජල උල්පත්, වනාන්තර වල පිහිටීම ආදි කරුණු පිළිබඳව සැලකිල්ලට ගනිමින් වැව් ඉදිකර තිබේ. වැව් ඉදිකිරීමේ දි රජවරුන්ගේ අනුග්‍රහය, මිනිසුන්ගේ ශ්‍රමය,අලි ඇතුන් ආදි සතුන්ගේ ශ්‍රමය, වාරි ශිල්පීන් සහ ගල් වඩුවන්ගේ ශිල්පීය දැනුම තාක්ෂණික දැනුම ආදි කරුණු ප්‍රබල සාධක වී ඇත. වැවක් ඉදිකිරීමේදී පැරණි වාරි ශිල්පීන් අනුගමනය ක‍ළ ක්‍රියාමාර්ග ලෙස ජලාධාර කලාපය තීරණය කිරිම, වැව් බැම්ම ස්ථානගත කිරිම,රළපනාව යෙදීම, සොරව් නිර්මාණය කිරීම,ඇතුළුවාන සහ පිටවාන යෙදීම,ඇළමාර්ග ඉදිකිරීම,ඉස්වැටි ඉදිකිරීම,කුළු වැව් ඉදිකිරීම,වැව් නඩත්තු කිරීමට නිළධාරීන් පත්කිරීම, වැනි ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත. වැව් බැම්ම වැව් බැම්ම වැවක ප්‍රධානතම අංගයක් වේ. වැවකට එක් රැස් වන වීශාල ජලධාරීතාව දරා ගැනීමට න...